ඉන්දියාවම වසඟ කළ නෝටි බිනෝදිනී ගේ කතාව | Chanu Nimesha
සරත් චන්ද්ර චට්ටෝපාධ්යායිගේ "ශ්රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.