පකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් : තිදෙනෙක් මරුට
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනෙක් වෙඩික්කරුගේ තත්වය බරපතල බව එරට පොලිසිය පවසයි.
යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් මෙම වෙඩි තැබීමෙන් දරුවෙක් ඇතුළු තවත් 29 දෙනෙකු තුවල ලබා රෝහල් ගත කර තිබේ.
පොලිස් කොමසාරිස් මැල් ලන්යොන් එය "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, යුදෙව් ප්‍රජාව සමරනු ලබන හනුකා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් වෙරළ තීරයේ පැවති උත්සවයකට 1000කට අධික පිරිසක් පැමිණ සිටි බවත් පැවසිය.
නිර්භීත මිනිසාට උපහාර
මෙම මාරාන්තික ප්‍රහාරයක් අතරතුර දී වෙඩික්කරුවකු සමඟ පොරබදිමින්, ඔහුගේ තුවක්කුව රැගෙන ඔහු නිරායුධ කරමින් ඔහුට පසුබැසීමට බල කෙරෙන අන්දමට පුද්ගලයෙක් කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන අතර එම නිර්භීත ක්‍රියාව කළ පුද්ගලයාට ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සිය උපහාරය පළ කර තිබේ.
"ඒ මිනිසා සැබෑ වීරයෙක්, ඔහුගේ නිර්භීතකම නිසා අද රාත්‍රියේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින බවට මට කිසිදු සැකයක් නැත."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මෙක්සිකෝ අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු - ඔවුන්ගෙන් 100 දෙනෙකු පොලිස් නිලධාරීන් - තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.