කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
අවස්ථා 6කදී ලෝක ශූරතාව දිනා සිටින ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග කරන්නේ A කාණ්ඩයෙනි.
බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදිනු ලැබේ.
චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ෆාතිමා සානා මෙහෙයවන පකිස්ථාන කණ්ඩායම් අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වේ.
දෙරට අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.