කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් ඉල්ලා සිටියා ය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.