තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දකුණු කොරියාවේ ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
එසේම, ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.
දුරකථන අංක - 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 26ක් දක්වා ඉහළගොස් තිබේ.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 81,500ක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.