ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර (VIDEO)
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවති සාකච්ඡාවේදී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද ? යන්න විමසූ අවස්ථාවේදී විදේශ අමාත්‍ය Gideon Sa'ar මේ බව පවසා තිබේ.
බෙන් ගූරියන් ගුවන්තොටුපොළ විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත්, හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළ හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩබිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගත් බව පවසමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
Update : 5.25 PM ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිට ඇති Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානය අනතුරට පත්වීමෙන් අවම වශයෙන් 30 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.