CLOSE

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවති සාකච්ඡාවේදී  ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද ? යන්න විමසූ අවස්ථාවේදී විදේශ අමාත්‍ය Gideon Sa'ar මේ බව පවසා තිබේ.

බෙන් ගූරියන් ගුවන්තොටුපොළ විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත්, හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළ හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩබිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.