තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොළ කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පසුගිය 16 වන දින වෙලගෙදර පොලිස් වසමේ හැවන්පොළ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් අතින් පයින් හා හෙල්මට් එකකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබුණි.
බරපතළ තුවාල ලැබූ සිසුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.