තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.
අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය.
අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.
බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.
පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.