ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ජපානයේ කියුෂු දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.1 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තාවීමෙන් පසු, බ්‍රහස්පතින්දා (8) පස්වරුවේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීටර 1ක් දක්වා වූ සුනාමි රළ, මියසකි, කොචි, ඔයිටා සහ කගෝෂිමා ප්‍රාන්තවලට කඩා වැදීමට ඉඩ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ජපානයේ කියුෂු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුවී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.