ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීමට රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අවධාරණය කරයි.
එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mපොක්ස් රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවත්, පසුගිය 20 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේ දී මෙම රෝගයට වඩාත් හොදින් සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ද ලබාදුන් බවත්, මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බව ද වෛද්‍යවරයා පවසයි.
අප්‍රිකානු කළාපයේ ප්‍රධාන ලෙස, මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපීය රටවල විශේෂයෙන් කොංගෝ රාජ්‍යයේ බෝවීමේ හැකියාව සහ දරුණු බව වැඩි, රෝගීන් වැඩි ගණනක් වාර්තා වීම නිසා, ගෝලීය මට්ටමින් සංවිධානාත්මක ලෙස පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා, 2024 අගෝස්තු 14 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජාත්‍යන්තර අවධානය ලක් කළ යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත්, මේ වන විට ආසියානු කලාපීය රටවලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බව ද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.
Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගය Mපොක්ස් වෛරසය නිසා ඇති වන බවත්, අසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිදිති වලට නිරාවරණය වීමෙන් Mපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවධානම අඩු මට්ටමක පවති. තවද අසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක් ද පවති.
Mපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.