හඬක් නැති ඇෆ්ඝන් ගැහැණිය
"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක් දවසක් මට හරි ලස්සන කථාවක් කිව්වා ,
මම ,අයියගෙ දුවව අදනෙ දැක්කෙ ,ඔයා සෝෂල් මිඩියා වල එයාගෙ පොටෝ එකක් වත් දාන්නෙ නැහැනේ කියල කිව්වම ,
එයා කියනවා
“අද මම මගෙ ආසාවට එයාගෙ පොටෝ වීඩියෝ දැම්මට හෙට එයා ලොකු උනාම එයා ඒකට කැමති වෙයිද දන්නෙ නැහැ නේ ,”
එදාට එයා ඇහුවොත් ඇයි ඔයා මම පොඩි කාලෙ කරපු කියපු දේවල් ලෝකෙට පෙන්නුවේ කියල මට කට උත්තර නැති වෙනවා ,
මම දරුවගෙ විතරක් නෙමේ wife ගෙ පොටෝ එකක් දාන්නෙත් එයාගෙන් අහලා විතරයි .
ඇත්ත ,ඒ කථාව ඇතුලෙ අපිට නොපෙනෙන ගැඹුරු මානුෂීය ඇත්තක් හැංගිලා තියනවා ,
වර්තමානයේ සමහරක් දෙමව්පියෝ ජනප්‍රිය වෙන්න ප්‍රසිද්ධ වෙන්න ,විව්ස් ගන්න පාවිච්චි කරන මෙවලම බවට පත්වෙලා තියෙන්නෙ "පුංචි දරුවෝ "
කිරි බොන හැටි ,නාන හැටි ,ඉස්කෝලෙ යන හැටි ,සෙල්ලම් කරන හැටි වීඩියෝ කරගෙන ඒක ලස්සනට එඩිට් කරලා සෝෂල් මීඩියා දාන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා ,
ඒකෙන් වෙන අගතිය ගැන කිව්වම දරුවො අපේ නම් ,කාටවත් මොකද ?,අනේ අපේ බබාලා හරි ආසයි වීඩියෝ කරනවට ,මම මේක කරන්නෙ ඉතාම හොඳ හිතින් , මේක මගෙ ආසාව ඔය වගේ හේතු කියල තමන්ගෙ හිත හදාගත්තට ඒ වෙන වැරැද්ද ලේසියෙන් හදාගන්න ලැබෙන්නෙ නැහැ ,
📍අපි සෝෂල් මීඩියා දාන දේවල් දවසක අපිම මැකුවත් ඒවා මීඩියා වලින් සම්පුර්ණයෙන් අයින් වෙන්නෙ නැහැ ,ඒවා කොහෙ හරි කාගෙ හරි ළඟ සේව් වෙලා තියනවා ,
📍වැඩිහිටියන්ගේ වැරදි ,තිබ්බ අනියම් සම්බන්ධකම් ඔය දේවල් ලෝකෙට එළි වුනාම එදාටත් ඒ දරුවන්ව ඒ පොටෝ වලින් ලෝකෙට විවර වෙනවා
📍Dark website ඔබේ දරුවන්ගෙ මේ පොටෝ සහ වීඩියෝ අනිසි විදිහට පාවිච්චි වීමේ ඉඩකඩ තියනවා ,
📍ඊටත් වඩා දරුවො ලොකු උනාම ඔබේ මේ හැසිරීම ගැන එකඟ නොවෙන්න පුළුවන් ,එදාට ඔබට උත්තර නැති වෙනවා .
මේ හැමදේටම වඩා දරුවන්ව අලෙවිකරණ උපක්‍රම විදිහට භාවිතා කිරීම නීතිය ඉදිරියේ වැරද්දක් ,
දරුවා ඔබේ උනාට ,ඔබේ මාකටින් වලට ඔබේ රීල්ස් වලට
නොදරුවො පාවිච්චි කරන්න බැහැ !
දරුවො ඔබේ උනාට ඔබට දරුවන්ගෙ අයිතිය තියෙන්නෙත් එකතරා සීමාවක් දක්වා විතරයි.
දරුවො නෙමේ ,සැමියා බිරිඳ යාළුවො පවුලෙ අය මේ කාගෙ උනත් පොටෝ එකක් වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට මුදාහරින්න කලින් ඒ ගැන ඔවුන්ගෙ කැමැත්ත අහන තරමට වත් සදාචාර සම්පන්න වෙන්න,
සමහර මිනිස්සු විහිලුවට දාපු පොටෝ නිසා කසාද පවා කැඩුණු අවස්ථා මට මුනගැහිලා තියනවා,
ඔබේ නිදහස අනෙකාගෙ නහය ලඟින් අවසාන බව වගේම ඒ අනෙකා ඔබේ දරුවා වුවද විය හැකි බව දෙයියනේ කියල දැනගන්න
අනිශා ජයකොඩි
Anisha Jayakody
(Psychological counsellor)
උපුටා ගැනීම : Anisha Jayakody මුහුණු පොතිනි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.
පියුමි හංසමාලි කියන්නෙ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්. ලංකාවෙ ලිංගිකත්වය කියන දේ එය තැබිය යුතු තැනට ඔසවා තැබුවෙ පියුමි. ලංකාවෙ ගැහැණියකගේ ලිංගිකත්වය මගින් අත්පත් කරගන්න පුළුවන් ඉහලම ස්ථරයන් ඇය විසින් අත්පත් කරගන්නවා. කොටින්ම ලංකාවෙ ලක්ෂ හැට නමයක ජනාධිපතිගේ වාහනේ පාවිච්චි කරන්නෙත් පියුමි. ඒ අතින් එයා ඉන්නෙ ජනාධිපතිටත් ඉහලින්.
මම, මා ජීවත් වූ සහ ජීවත් වීමට ඉතිරිව ඇති වසර ප්‍රමාණය ගණන් කෙරුවෙමි. මා ජීවත්ව සිටියාට වඩා අඩු වසර ගණනක් පමණක් දැන් මා ඉදිරියේ ඉතිරිව ඇති බව ඉන් උගත්තෙමි. මට මා දැන් දැනෙන්නේ රසකැවිලි පාර්සලයක් දිනාගත් දරුවෙකු ලෙසිනි. ඔහු මුල් රසකැවිලි කිහිපය ඉමහත් ප්‍රමෝදයෙන් අනුභව කෙරී ය. නමුත් දැන් ඉතිරිව ඇත්තේ රසකැවිලිවලින් ස්වල්පයක් පමණක් බව දැනගත් වහාම ඔහු දැඩි උවමනාවකින් සහ සිහියෙන් ඒවා රස විඳීම ඇරඹීය.