තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය – හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් ට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.
එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අදාළ දේපල හා වත්කම් සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තවමත් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.