අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් ට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.
එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් දහසකට ආසන්න ප්රමාණයක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අදාළ දේපල හා වත්කම් සඳහා ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබදව තවමත් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.
news19.lk