සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් - කොළඹ පුරපතිනිය
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් පවසන්නීය.
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදාහැරීම සඳහා වනජීවී විෂයභාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.
මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් පවසන්නීය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.