තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සිංහලේ ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයක කැඳවුම්කරු ලෙස කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් ඊයේ ( අප්‍රේල් 22 වන දා) රාත්‍රියේ, සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
ඔහු වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබිණි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින ම රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.
39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ, ඔහු සම්බන්ධ ආන්දෝලනාත්මක සිදුවීම් සහ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව සැකෙවින් කෙරෙන විමසා බැලීමකි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පොහොට්ටු අපේක්ෂකයෙක්
ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද් 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ආසනයේ අතිරේක ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දී තිබුණු බව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහුගේ අභාවයත් සමග ගන්නා ඉදිරි පියවර පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු පැවසීය.
ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහලේකම්වරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
"රජය මේකට වග කියන්න ඕනේ. හැමදා ම දවසකට දෙතුන් දෙනෙක් එක එක තැන්වල වෙඩි තියලා මරනවා. ආණ්ඩුව හරි ලේසියෙන් අත හෝදගන්නවා මේවා අභ්‍යන්තර ගැටුම් කියලා. මම මැරුවත් මේගොල්ලන්ට අභ්‍යන්තර ගැටුමක් විදිහට හුවා දක්වන්න පුළුවන්. මහා ලැජ්ජා නැති වැඩක් කරන්නේ. සම්පූර්ණයෙන් රටේ නීතිය පාලනය කිරීමට රජය සහ පොලිසිය අසමත් වෙලා තියෙනවා. පොලිසිය හිටපු පොලිස්පතිවරු පස්සෙයි 2006 සිදු කළ ඝාතන ගැනයි හොයනවා. වෙන ඝාතන ගැන ඇහැ කන පියන් බලන් ඉන්නවා," ඔහු පැවසීය.
ඩුබායිහිදී මිය ගිය බව කී ඩෑන් කටුනායකදී අත්අඩංගුවට පත්වූ හැටි
2025 වසරේ ජනවාරි මස 29 වන දා ඩුබායිහිදී සිදුවූ රිය අනතුරකින් ඩෑන් ප්‍රියසාද් මිය ගිය බවට පුවතක් ප්‍රචාරය විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මිය ගිය බවට දැක්වෙන සටහන් රැසක් පළවී තිබිණි. එසේ වුව ද ඔහු මිය ගිය බවට පළවූ වාර්තා සත්‍ය බව තහවුරු වූයේ නැත.
එවැනි පසුබිමක පෙබරවාරි 11 වන දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණු ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබුණු විදෙස් ගමන් තහනමකට අනුව ය.
අත්අඩංගුවට ගත් ඩෑන් නිකවැරටිය පොලිස් අපරාධ ඒකකය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබිණි.
2024 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිකවැරටිය පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබුණු අතර ඊට අදාළව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් මෙන් ම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කරනු ලැබ තිබුණු නියෝග දෙකක් අනුව ඔහු අත්අඩංගුවට පත්විය.
ඩෑන් ප්‍රියසාද්ට මීට පෙර එල්ල වූ චෝදනා සහ ආන්දෝලනාත්මක සිදුවීම්
ජාතිවාදී මත වැපිරවීම් කළ අයෙකු ලෙස විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල විය.
2022 වසරේ මැයි මස 9 වන දා කොළඹ ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවට පහර දීමේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස ඩෑන් ප්‍රියසාද් නම් කර තිබිණි.
එමෙන් ම, 2017 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් අසල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් විය.
2019 වසරේදී මීතොටමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔහු අත්අඩංගුවට පත් වූ අතර පසුව ඇප මත මුදාහැරිණි. නමුත් ඔහුට සෑම ඉරු දිනක ම උදෑසන 9ත් 12ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට අධිකරණයේ එවකට නියෝග කර තිබිණි.
මීට අමතරව, මෙරට තුළ ඇති වූ විවිධ කලහකාරී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට පත් විය.
ඔහුට එරෙහිව අධිකරණය පනවා තිබූ විදෙස් ගමන් තහනමක් හේතුවෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඔහු ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබ තිබිණි.
මේ අතර, 2022 වසරේදී ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ද ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලදී කපාකොටා ඝාතනය කර තිබිණි.
| BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.