ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
සෝමාලියාවේ අගනුවර ජනතාව වැඩිපුර ගැවසෙන වෙරළ තීරයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවන් පිරිසක් සෙනසුරාදා (3) දින එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
BBC පුවත් සේවය වාර්තා කරන්නේ අවම වශයෙන් 63 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය බරපතල බවයි.
වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කරන්නේ මොගඩිෂු හි අබ්ඩියාසීස් දිස්ත්‍රික්කයේ මෘත සිරුරු සහ තුවාල ලැබූ පුද්ගලයන් ගණනාවක් සිටින බවයි.
දකුණු සහ මධ්‍යම සෝමාලියාවේ විශාල ප්‍රදේශ පාලනය කරන අල්-ෂබාබ් සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.