පුවත්

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ඊයේ (05) දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන එළියට

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (6) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ශ්‍රීලනිප බහුතර සහය ජනාධිපතිට - ලසන්ත අලගියවන්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

Read More

බංග්ලාදේශයේ සිදු වන්නේ කුමක් ද?

බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන් අගමැති මඳිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පලාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීමක් අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 17 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහහත් දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Read More