ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ දී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
ජෝර්දානය දෙස සිට ට්‍රක් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම වෙඩිතැබීම සිදුකළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පැවසීය.
ආරක්ෂක අංශවල වෙඩි පහරින් වෙඩික්කරු ද මියගොස් ඇති බව වාර්තා වේ.
මේ සමග ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමා පිවිසුම ජෝර්දානය දෙසින් වසා දමා විමර්ශනයක් ආරම්භ කළ බව ජෝර්දානය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.