තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය සඳහන් කළේ, ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයේ රටවල් 146ක් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 122 වැනි ස්ථානය බවයි.
ස්ත්‍රි පුරුෂභාවය, ආගම, ජාතිය හා වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
ඇය මේ අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හා ක්රිසලස් ආයතනය එක්ව ආරම්භ කරන ව්‍යාපෘතියක් එළි දැක්වීමේ අවස්ථාවකට ඊයේ(25) එක්වෙමිනි.
අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ සියයට 60%කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වුව ද වැටුපක් ලබන ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35% ක් බවයි.
රැකියා අවස්ථා තුළින් ආර්ථිකයට දායක වීමට කාන්තාවන්ට හැකියාව ඇති බව සහතික කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව ද ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.