ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
බ්‍රසීලයේ සාවෝපාවුලෝ හි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර වන අවස්ථාවේ ATR 72-500 ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සාඕ පවුලෝ අගනගරයේ සිට ග්වාරලියෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබියදී සාඕ පවුලෝ නුවරට කිලෝමීටර් 80ක් වයඹ දෙසින් පිහිටි වින්හෙඩෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.
බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා, අනතුරින් මියගිය අයගේ පවුල්වල සියලු දෙනාටත් මිතුරන්ටත් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
..
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.