ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී මියන්මාරයේ පරිගණක අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54 දෙනාගෙන් 20 දෙනකු මුදා ගැනීමට හැකියාව ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මියන්මාර රජයෙන් සහ අසල්වැසි රටවලින් විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගට කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස වහල් කඳවුරක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මුදා ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා ආරක්ෂිතව පෙරේදා(14) තායිලන්තයේ මේ සොට් නගරය වෙත පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. තායිලන්තය ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මුදාගත් ශ්‍රී ලාංකිකයන් 20 දෙනා මේ සොට් නගරයේදී මුණ ගැසී ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
තායිලන්ත බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කන්සියුලර් සහාය ලබා දෙන බවත් ඔවුන් සියලු දෙනා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
ඔවුන් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තායිලන්ත බලධාරීහු සමඟ සම්බන්ධීකරණය කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඉතිරි ශ්‍රී ලාංකිකයන් 34 දෙනා මුදා ගැනීම සඳහා මියන්මාර තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී කටයුතු කරන බවත් සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා නොයන්න යැයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.