මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත.
මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නම් වූ මෙම සැකකරු වන අතර ඔහු මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.