ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
සංක්‍රාන්ති ලිංගික කතුන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම වළකමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තැබුණි.
වහාම බල පැවැත්වෙන මෙම විධායක නියෝගයෙන් මගපෙන්වීම්, රෙගුලාසි සහ නීතිමය අර්ථකථන සපයන අතර, එය ඊට අනුකූල නොවන යැයි අනුමාන කෙරන උසස් පාසල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බලය ලබාදෙනු ඇත.
එමගින් ක්‍රීඩාවට සාධාරණත්වය සපයන බව රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසන නමුත් LGBT ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින සහ මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ එමගින් LGBT ප්‍රජාවට වෙනස් කොට සැලකීමක් සිදුවන බව යි.
ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, LGBTQ ප්‍රජාව මෙන්ම සංක්‍රමණික ජනතාව ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ප්‍රතිපත්ති ඇතුළු විධායක ක්‍රියාමාර්ග - ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල අනුමැතියකින් තොරව ෆෙඩරල් රජයට ජනාධිපතිවරයා විසින් මෙම ලිඛිත නියෝග නිකුත් කරයි- 200කට වැඩි සංඛ්‍යාවකට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉකුත් ජනවාරියේ අත්සන් තැබීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.