ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
ට්‍රම්ප් ඝාතන උත්සාහය සඳහා “සැලැස්මක් සැපයීම” යන චෝදනාව යටතේ 51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමැති සැකකරුට අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.
ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි අමෙරිකානු රජය නිවේදනය කරන්නේ.
පසුගිය ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර තුවක්කුකරුවෙකු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ අතර සැප්තැම්බර් මාසයේදී ද ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
පෙන්සිල්වේනියාවේ රැලියක් අතරතුර සිදු කළ වෙඩි තැබීමෙන් ට්‍රම්ප් ගේ දකුණු කනේ "ඉහළ කොටස" පසාරු කරගෙන ගොස් තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.