මදුරු මර්දන සතියක් 30 සිට : ඩෙංගු රෝගීන් 26,000ඉක්මවයි
ජූනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව යි එම සංගමයේ සාමාජික සඳුන් රත්නායක සඳහන් කළේ,
"ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පානය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැලඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකියි. ඒ නිසා ඔබ මී උණ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජූනි 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba Soreka රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.