ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හී මොසාඩ් මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය මේ තීරණය ගෙන ඇත.
දෙපාර්ශ්වය අතර මාස කිහිපයක සිට සටන් ඇවිලෙන අතර පසුගිය දා හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර හමුවේ ලෙබනනයේ 560කට ආසන්න පිරිසකට පමණ දිවි අහිමි විය.
ඒ අතරින් බොහොමයක් සිවිල්වැසියන් බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනන් වැසියන් 90,000ට අධික පිරිසක් ප්‍රහාර හමුවේ අවතැන් වී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.