හෙට (16) සිට වැසි වැඩිවෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.
ඒ අනුව එස්.එම් චන්ද්‍රසේන, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අත්හිටවූ බව සඳහන් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු ලිපි නිකුත් කර ඇත.
පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.