නාමල් ඇතුළු දේශපාලකයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වන්නේ වට්ටපු මෙරට ආර්ථිකය ගොඩ ගැනීමට බව එම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
දිනුම රටට රට අනුරට ජනරැලි මාලාවේ තවත් රැළියක් අද (16) අකුරැස්සේ දී පැවැත්වු අතර ඔහු එහිදී මෙම අදහස් දැක්විය.
"මේ දින තුන හතර ඇතුලත ගහන්න පුළුවන් අවලාද, කරන්න පුළුවන් කුමන්ත්‍රණ සියල්ලම කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ රටේ පොදු ජනතාව ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කළා පහුගිය කාලේ. සජිත් ප්‍රේමදාසට උදව් කරන සමහර හාමුදුරුවන් වහන්සේලා කියනවා අපි ආවම දාන ගේන එක නතරවෙනවා කියලා, ජාතික කොඩිය නැති කරනවා කියලා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තිය අයින් කරනවා කියලා. හැබැයි අන්ත ජාතිවාදී සංවිධාන වේදිකාව උඩ තියාගෙන තමයි මේවා කියන්නේ. සජිත්ගේ වේදිකාවේ ඒවා කියනකොට රිෂාඩ් බදියුදීන් ඉන්නවා, යාපනයේ TNA නායකයොත් ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවලාදවලට පමණක් සිමා වෙන තැනට අසරණ වෙලා තියෙනවා. ඒක අසරණභාවයේ කලබලවිමේ ප්රකාශනයක්. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවම රටේ අස්ථාවරභාවයක් ඇතිවෙනවලු. ඩොලරය ඉහල නගිලු, තෙල්,ගෑස් නැතිවෙයිලු. දැන් ඕවා නැතිකළේ කවුද? නැතිකළේ ඒ ගොල්ලෝ නේ. ගෙවාගන්න බැරි සියලු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විකුනලා ගත්තු ණය රනිල් වික්‍රමසිංහ ගත්තුවා. එහෙම කරපු රනිල් කියනවා අපි ආවම ආර්ථිකය වැටෙනවලු. ජාතික ජන බලවේගය ආණ්ඩුව එන්නේ ඔයගොල්ලෝ වට්ටපු ආර්ථිකය ගොඩ නගන්න. රනිල් සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි ලෑස්තියි මේ රට බාර අරගෙන මේ රට එකින් එක ගොඩනගන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.