පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, පී. අරියනේත්‍රන් සහ දිලිත් ජයවීර සිය සහභාගිත්වය ස්ථිර කර ඇති අතර ස්වාධීන අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම විවාදයට සහභාගි වීමට නොහැකි බව එම සංවිධානයට දැනුම් දී තිබේ. ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියේ.
"අපි තාමත් බලාරොත්තු සහගතව ඉන්නවා ජාතික ජන බලවේගයේ නායකතුමා. ඔවුන්ට රැස්වීම් තියෙනවා, ටිකක් කාර්ය බහුල බව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒක අනිත් අපේක්ෂකයින්ටත් අදාළයි. තාමත් තහවුරු කරලා නැහැ. ටිකක් අමාරු බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි තාමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවල, නාලිකා 7ක් සජීවවී විකාශය කරන්න එකඟ වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මීට සහභාගීවීමට අපහසු බව ලිඛිතව දන්වා තිබෙනවා. අනුර දිසානායක මහතාට තාමත් ඉඩකඩ තියෙනවා. අපි බලාපොරොත්තු සහගතව ඉන්නවා..."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.