ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ඩිමොක්රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.
ඩිමොක්රටික් පාක්ෂිකයින්ගේ දැඩි පීඩනය මධ්‍යයේ ඔහු මෙම තීරණය ගෙන තිබුණේ ජනාධිපතිවරණය සඳහා තවත් මාස 4ක කාලයක් ඉදිරියට තිබියදීයී.
කෙසේ වෙතත්, සිය නිල කාලය අවසන් වනතුරු පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බව ද 81 හැවිරිදි ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ය.
මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සහ කරන බව ඩිමොක්රටික් පක්ෂ නව ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස නම් කෙරුණු කමලා හැරිස් ප්‍රකාශ කළා ය.
ඇය අවධාරණය කරන්නේ, හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කොට ජාතිය එක්සේසත් කිරීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.