ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව අද (16) සිට
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර විශ්ලේෂිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේ මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම චෝදනාවට අදාලව කොල්ලුපිටිය පොලිසිය මීට පෙර කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සේන යද්දෙහිගේට විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබුණි.
කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියෙකු ඩේලි මිරර් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සභාපතිවරයා සිටින ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවත්, විදේශ ගමන් තහනම හේතුවෙන් ඔහු මෙරටට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා බවත්ය.
මැයි 7 වැනිදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමාට ලිංගික අඩන්තේට්ටම් කළ බව පවසමින් කොළඹ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් මැයි මාසයේදී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සේන යද්දෙහිගේ විදේශගතව සිටියදී, අවම වශයෙන් මාසයක කාලයක් ව්‍යාපාර විශ්ලේශිකාවක ලෙස ඔන්ලයින් ඔස්සේ සේවය කළ පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සමාගම විසින් මැයි 6 වැනි දින තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව, මැයි 7 වැනි දින සභාපතිවරයාට ඇය හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන් බවත් ය. නියමිත ස්ථානයේදී ඔහු හමුවීමේදී සේන යද්දෙහිගේ තමාට ලිංගික අඩන්තේට්ටම් කළ බවට පැමිණිලිකාරිය චෝදනා කළාය. පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය ඒ බව කොටුව මහේස්ත්රාත්වරයාට දන්වා ඇත.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ සිද්ධිය වූ දිනයේම සභාපතිවරයා රටින් පිටව ගොස් ඇති අතර මෙතෙක් දිවයිනට පැමිණ නැති බවයි.
සබැඳි පුවත :
Richard Pieris Group Chairman Sena Yaddehige to be arrested upon arrival
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.