මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාදෙන ලෙස පවසමින් ජනාධිපති ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිපියක්ද යොමුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපති ලේකම්වරයාටත් ලබාදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
එසේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් පැනවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය තිබේ.
lankadeepa.lk