පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක නිළධාරීන්ගේ සංගමය සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇති වූ එකඟතාවයක් අනුව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.
පවතින තත්ත්වය තුල මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයක පවතින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඉදිරි නිශ්චිත කාලරාමුවක් තුල සිය ඉල්ලීම සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ග සැලසුම් කිරීමට තීරණය කර ඇති බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සන්ධානය වෙත යොමු කරන ලද ලිපියක් මඟින් ඔවුන් දැනුම් දී තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.