මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමටත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ ප්‍රකාශ කළේ ය.
වසර පහෙන් පහට වැඩි කරන උසස්වීම් ස්ථානාධිපතිවරුන්ට පමණක් ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
වර්ජනය නිසා මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.