ඔහු මේ බව පැහැදිලි කළේ ඊයේ (4) පැවති විසිවන සියවස, ඉතිහාසයේ මඟහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.
එක්තරා කාල සීමාවක සිට මෙරට බිහිවීමට පටන් ගත් දූෂිත ත්‍රාඩ පැළැන්තියක් විසින් එම ව්‍යසනය නිර්මාණය කළ බව ඔහු සඳහන් කරනවා.
ලෝකය වෙනස් වෙමින් ඉදිරියට යන විට මෙම ත්‍රාඩ පැළැන්තිය රට ආපස්සට ගෙන ගිය ආකාරය ඔහු පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2022 වසර යනු විසිවන සියවස මඟ හරිමින් පැමිණි ගමන් මගේ අනිවාර්ය ප්‍රතිඵලය බවයි.
ගෝඨාභය යනු එම ව්‍යසනය කර පින්නාගෙන ආ 2021-22 වසරවල නියෝජිතයා පමණක් බව ඔහු මෙහිදී සඳහන් කළා.