ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.
සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන ඊයේ (13) පස්වරුවේ නිරීක්ෂණට ලක්කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා ඇත.
ඉන්දීයානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100 ක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත්, තවත් ගිලන්රථ 25ක් ප්‍රදානයත් ලෙසටත් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.