පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ක්ෂේත්‍ර රැසක අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. ඒ, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත කර ගැනීමට නොහැකි වීම සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වීම යන කරුණු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බවයි.
මේ අතර අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.
එහි සභාපති දුමින්ද උදුගොඩ සඳහන් කළේ, තම සංගමය ඊයේ දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත් වූ බවයි.
තව ද විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අදට දින 40කි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්රියාන්ත පැවසුවේ, ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.