තෙල් හිඟයක් ගැන ව්‍යාජ පුවත්වලට නොරැවටෙන්න
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ඒ අනුව අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු - විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මෙසේ පැවසිය.
"දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු - විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඊශ්‍රායෙල් ගැටුම ගැන සාකච්ඡා කිරීමට කාලය ලබා නොදුන්නේ යැයි කථානායකවරයාට චෝදනා කර ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ.