ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ විශාලතම වෛද්‍යවරුන් කණ්ඩායම වන ඉන්දියානු වෛද්‍ය සංගමය (IMA) පවසා ඇත්තේ රට පුරා පවතින අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක නොවන සියලුම රෝහල් අද (17) දිනයේ වසා දමන බවයි.
කාන්තාවන් සඳහා සුරක්ෂිත පරිසරයක් නොමැතිකම හේතුවෙන් මෙවැනි ම්ලේච්ඡ අපරාධයක් සිදුව ඇති බවත් මෙම අසාධාරණයට යුක්තිය ඉල්ලීමේ සටනට සහය දක්වන ලෙස ඉන්දියාවේම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා තිබෙනවා.
සිය සේවා මුරය අවසන් කර විවේක ගැනීමට ගොස් සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක ගේ බරපතළ තුවාල සහිත අඩ නිරුවත් මළ සිරුර සොයාගනු ලැබුවේ ඉකුත් සිකුරාදා දින R G Kar වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක තිබී ය.
ඝාතනය සම්බන්ධයෙන් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු මේ වනවිට ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.