ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
මැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, කැනඩාව සහ ජෝර්දානය ද එවැනිම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරන ඉරානය ඔවුන්ට එරෙහිව “දරුණු” ප්‍රහාරයක් එල්ල කරන බවට පොරොන්දු වී තිබේ.
හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදී ඝාතනය කිරීම සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීම මැදපෙරදිග කලාපයේ ආතතිය ඉහල නැංවීමට හේතුවී ඇත.
ඉරානයේ පිටුබලය ලබන, ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලයට එරෙහි එවැනි ඕනෑම ප්රතිප්රහාරයක බරපතල භූමිකාවක් ඉටු කළ හැකි යැයි බියපළ කෙරේ.
ඊශ්‍රායලය ට හිස්බුල්ලා ප්‍රහාර
ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර තිබේ.
ඊශ්‍රායලය පවසන්නේ සිය "අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය" මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවයි.
හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.