හෙට (16) සිට වැසි වැඩිවෙයි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් පිළිබඳව කිසිම අවස්ථාවක ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුකර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (03) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
”අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සඳහා හෝ අගමැතිතුමිය වෙනස් කිරීම සඳහා කිසිම සාකච්ඡාවක් යෝජනාවක් අපි අතරේ පැවතිලා නෑ. එය සමහර විට අපේ විරුද්ධවාදීන් අවධානය දිනා ගැනීම සඳහා මධ්‍ය ඇතුළේ මතු කරන ප්‍රවෘත්තියක් වෙන්න පුලුවන්.කිසිම වෙලාවක කැබිනට් මණ්ඩල සශෝධනයක් ගැන අපි සාකච්ඡා කරලා නෑ.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී (16) යළි ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඊට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.