ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කර තිබේ.
රාජකාරි ආරම්භ කරමින් ඔහු අද (6) පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පවත්වනු ඇත.
ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට චාන්සලර් ලෙස රෂෙල් රීව්ස් ද, නියෝජ්‍ය නායිකාව ලෙස ඇන්ජෙලා රේනර් ද, ස්වදේශ කටයුතු ලේකම් ලෙස යුවෙට් කූපර් ද කටයුතු කරනවා.
මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය.
එම අවස්ථාවට කම්කරු පක්ෂ ආධාරකරුවන් බොහෝ දෙනකු පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් නව අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ඔහු "ජාතියේ පුනර්ජීවය" උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර "රට පළමුව, පක්ෂය දෙවනුව" තබන බවට ද පොරොන්දු විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.