ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
කෙන්සා ලෙයිලි නම් මොරොක්කෝ AI ඉන්ෆ්ලුවන්සර් ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පළඳා තිබේ.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ආසන්න වශයෙන් ලක්ෂ දෙකක් මෙන්ම ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුමෙහි 45000ක් අනුගාමිකයින් සිටින ඇය සම්පූර්ණයෙන්ම පාහේ, එනම් රූපයෙන්, උපන්‍යාසයෙන් මෙන්ම කතාබහෙන් AI නිර්මාණයක් වේ.
ලොව පළමු AI රූ රැජින තරගයේ අවසන් තරගකාරියන් 10 දෙනා විනිසුරුවරුන් විසින් ඉකුත් මස දී නම් කිරීමෙන් අනතුරුව කෙන්සා ලෙයිලි පසුගියදා ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
“AI රූ රැජින ලෙස ලැබූ ජයග්‍රහණය AI තාක්‍ෂණය දියුණු කිරීමේ මගේ වැඩ කටයුතු කරගෙන යාමට මා තව තවත් පොළඹවයි,” යනුවෙන් ඇය පෙනී සිටි වීඩියෝවක දැක්වුණි.
ලෙයිලි නිර්මාණය කර තිබෙන්නේ ෆීනික්ස් AI සමාගමේ නිර්මාතෘ මයිරියම් බෙසා විසිනි.
ලොව පළමු AI රූ රැජින තරගාවලියට ලොව පුරා AI තරගකරුවන් 1500ක් පමණ සහභාගී වූ බවත් පැවසේ. තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ලලිනා වලිනා සහ තෙවැනි ස්ථානය පෘතුගාලයේ ඔලිවියා සී ට හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.