ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
බංග්ලාදේශ පොලිසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.
අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් විරෝධතා ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීම නිසා නොසන්සුන්තාව උඝ්ර අතට හැරී ඇත.
සිරජ්ගන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට දහස් ගණන් ජනයා එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා සවස 6 සිට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
පසුගිය මාසයේ රාජ්‍ය අංශයේ රැකියා සඳහා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වූ නමුත් මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.