ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
අධික වර්ෂාවත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශයේ අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
වජිමා නගරයේ පුද්ගලයන් 18,000කට පමණ සහ සුසු හි තවත් 12,000කට හොන්ෂු දූපතේ ඉෂිකාවා ප්‍රාන්තයේ නවාතැන් ගන්නා ලෙස දන්වා ඇත.
Kyodo News වෙබ් අඩවිය වජිමා හි සම්පූර්ණ වීදියක්ම ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන පින්තූරයක් ප්‍රකාශයට පත් කර ඇත.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රාන්තයේ එක් ප්‍රදේශයක් සඳහා අධික වැසි හදිසි අවස්ථාවක - ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම - නිකුත් කර ඇත.
ජපානයේ NHK රූපවාහිනී සේවය රජයේ බලධාරීන් උපුටා දක්වමින් කියා සිටියේ ප්‍රාන්තයේ ගංගා 12ක ඉවුරු බිඳී ගොස් ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.