පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා සඳහන් කළේ, විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවයි.
සිසුන්ගේ සෞඛ්යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු දැනුම් දෙයි.
ශ්වසන රෝගයන්ගෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඔහු පැහැදිලි කළේ ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.