ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
බෙංගාල බොක්ක ආශ්රිත රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව ශක්තීන්, සම්පත් මෙන්ම නැවුම් කැපවීමක් ඇති කරගත යුතු බව ඉන්දියාව විසින් රටවල් හතකින් යුත් බිම්ස්ටෙක් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතා සඳහා වන එකමුතුව නමින් හඳුන්වනු ලබන ‘බිම්ස්ටෙක්’ ජාත්‍යන්තර සමුළුවේ දී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, නේපාලය සහ භූතානය යන රටවල විදේශ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන සමුළුව ඊයේ (11) නවදිල්ලි නුවරදී ආරම්භ විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.