පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවන බවට දැනුම්දීමක්
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
ඉදිරියේ දී පිහිටුවන එම සන්ධානය සඳහා මේ වන විටත් වාමාංශික පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කොට ඇති බවත් එම සන්ධානයේ ප්‍රධාන අභිලාෂයන් වන්නේ අරගලයේ අරමුණු නියෝජනය කිරීම, රනිල් වික්‍රමසිංහ ගෙන යන අයිඑඑෆ් වැඩපිළිවෙළට එරෙහි වීම, ඉන්දියානු මැදිහත් වීමට එරෙහි වීම සහ සමාජවාදී වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම බවත් දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසීය.
(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික )
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.