ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
උතුරු වියට්නාමයේ කාර්යබහුල පාලමක් යාගි සුළි කුණාටුව නිසා කඩා වැටී ඇති අතර, සුළි කුණාටුව ඉකුත් සෙනසුරාදා ගොඩබිමට කඩා වැදීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් 60කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.
මෙලෙස අද (9) දින වාහන කිහිපයක් සමඟ කඩා වැටී තිබුණේ ෆු තෝ පළාතේ පිහිටි ෆොන්ග් චෞ නම් පාලම යි.
අනතුරින් අතුරුදහන් වූ පුද්ගලයන් 13 දෙනෙකු සොයා මෙහෙයුම් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් මෝටර් රථ 10ක් සහ ස්කූටර් රථ 2ක් රතු ගඟට ඇද වැටී ඇති බව එරට බලධාරීහු පවසති. මේ වනවිට තිදෙනෙකු මුදවා ගෙන ඇති බවත් වාර්තා වේ.
කුණාටුව වියට්නාමයේ උතුරු පළාතට දැඩි ලෙස හානි සිදු කර ඇති අතර, ගංවතුර සහ නායයෑම් නිසා මිලියන සංඛ්‍යාත ජනතාවකට සති අන්තයේ අඳුරේ සිටීමට සිදුවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.
ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබේ.